ඇත්තටම මොකක්ද මහාවංසය
___________ . ( 01 )
___________ . ( 01 )
ආයෙම මහාවංසයට පහර ගසමින් ඉතිහාසය විකෘති කරගෙන යන පිරිසක් උඩට ඇදීගෙන එනවාදෝ කියන සැකයක් ඇතිවෙන හේතු කිහිපයක් නිසා මහාවංශය ගැන යම් අදහසක් බුකිය ඇතුලට හරි අරන් එන්න ඕන කියලා හිතුවා .
ලයික් කමෙන්ට් නැතත් එක ලයික් එකකින් හරි මේ පාර ටිකක් දිගට මහාවංශය ගැන කතාකලොත් වටිනවා කියලා විශ්වාස කරනවා .
මහාවංසාරම්භයේදීම එහි කතුවරයා පුංචි සටහනක් තබනවා මේ ලෙසට ,
පිරිසිදු වංශයක උපන් , අති පිරිසිදුවූ සම්මා සම්බුදුන් වැඳ , පරීච්ඡේද රාශියකින් යුත් මහාවංසය කියමි. (1)
මෙම මහාවංසය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනෙක අධික විස්තර සහිතවද , ඇතැම් තැනෙක අතිශයින් සංක්ෂිප්තව ද , බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද කරන ලදී (2)
එම දොස්වලින් තොරවූ , පහසුවෙන් තේරුම් ගතහැකි වූ , ප්රසාදය හා සංවේගයද උපදවන , ශ්රැතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවතගෙන එන මෙය , ප්රසාදය උපදවන තැන්වලදී ප්රසාදයද , සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් අසන්න (3-4)
මෙම මහාවංසය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනෙක අධික විස්තර සහිතවද , ඇතැම් තැනෙක අතිශයින් සංක්ෂිප්තව ද , බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද කරන ලදී (2)
එම දොස්වලින් තොරවූ , පහසුවෙන් තේරුම් ගතහැකි වූ , ප්රසාදය හා සංවේගයද උපදවන , ශ්රැතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවතගෙන එන මෙය , ප්රසාදය උපදවන තැන්වලදී ප්රසාදයද , සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් අසන්න (3-4)
( 1.නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධවංසජං ...... 4. .... පසාදඤ්ච සංවෙගඤ්ච සුනාථ තං . )
ඒ කියන්නෙ මහාවංසය රචනා කරන පුද්ගලයා මෙය ලියන්නෙ යමෙකු කියවන විට අසන පිරිසක් උදෙසා ඒ නිසයි අසන්න කියලා ඉල්ලන්නෙ . ඒවගේම ඊට වඩා වැදගත් කාරණයක් මේ තුලින් හඳුනා ගත යුතුයි . ඒ තමයි මහාවංශය ලිවීමට පෙර සිටම ලංකාවේ ඉතිහාස කතාව අඛණ්ඩව වංශකතා ස්වරූපයෙන් පවත්වාගෙන ආ වග .... සහ මහාවංසයට ගුරුවූ තවත් පොතක් තිබූ බව . එතකොට මොකක්ද මේ පොත .
එය සීහලට්ඨකථා මහාවංසය නම් පොතක් විදිහට තමයි නම්කෙරෙන්නෙ . ඊටත් වඩා මහාවංසය එයත් මහාවංස ලෙසම හඳන්වා දෙන්නට රුකුලක් දෙන ආකාරයෙන් තමයි එහි රචකයා පුරාණ ආචාරීන් ශහන්සේලා විසින් ලියපු පොත හඳුන්වන්නේ ......
මහාවංසය නිවැරදිව පරිහරණ කටයුතු කරන්නට අපේක්ෂා කරන කෙනෙක් ඒ සමඟම වංසත්ථප්පකාසිනිය පරිහරණය කලයුතුවග මම විශ්වාස කරනවා . වංසත්ථප්පකාසිනිය කියන්නෙ මහාවංසයට ලියන ටීකාවක් .... එය ටීකාවක් ලෙස නම්කරන්නෙ මහාවංසය අටුවාවක් ලෙස සලකා විය යුතුයි ..... මොකද පැරණි පොතත් අපි හඳුන්වනුයේ සීහලට්ඨකථා මහාවංස ලෙසින් වන නිසා .
ඒ වගේම වර්තමානයේ අපිට දකින්න තියන මහාවංසයේ කතුවරයා මහානාම හිමි කියන එකත් උන්වහන්සේ වැඩසිටි ස්ථානය ගැනත් අපිට ඔත්තුවක් දෙන්නෙ වංසත්ථප්පකාසිනිය . මොකද මහාවංසය තුල කිසිඳු තැනක කවුද මහාවංසය රචනා කලේ කියලා තමුන්ව හඳුන්වාදෙන්න කතුවරයා උත්සාහ කරන්නෑ . මොකද ඒ තරමටම උන්වහන්සේට තිබිලා තියෙන්නෙ මෙය මතු පරපුරට දායාද කිරීමේ අපේක්ෂාව සහ කුසල චේතනාව පමණක්ම නිසා ..... ඒත් අදවෙනකොට වැඩිපුරම ඉතිහාසයේ දොස් අහන කෙනා තමයි මේ මහානාම හිමියන් . ඒ බහුතරයක් ඉතිහාසය නොදන්නා අන්ධයන්ගේ කතා අහලා උන්ගෙම කණවැල අල්ලන් කාණු පල්ලෙ බඩගාන මී හරක් පිරිසක් නිසා .
අපි හැමතිස්සෙම අමතක නොකල යුතු වැදගත්ම කාරණය මහානාම හිමි කියනවා තමන් මේ කරන්නෙ පුරාණයන් විසින් කරපු ඒ මහාවංසය නිවැරදි කිරීමක් කියලා . එහි වූ පුනුරුත් දෝස නිවැරදි කරලා , අඩු තැන් පුරවලා , අනවශ්ය වර්ණනා ඇති තැන් මගහැරලා තමයි මේක නැවත තමන් රචනා කරන්නෙ කියන එක . ඉතින් එහෙම තියෙද්දිත් අට පහ නොදන්න සිංහල තේරෙන්නෙ නැති සමහර අන්ධාචාරීන් කියන දේ අහලා තමන්ගෙ ඉතිහාස කතාවට කෙල ගහනවද නැත්තං ඒක වටහා ගන්න උත්සාහ කරනවද කියන එක ඔබ සතුම කාරණයක් 😎
සැබෑම මහාවංසය රචනා වීම හෝ ඊට පදනම වැටීම සිද්ධවන්නට ඇත්තේ මහා මහින්ද මහරහතන් වහන්සේ ධරමාන අවධියේම විය යුතුයි . මහාවංසය ලියවෙන්නෙ ශ්රී මුඛ පාලිය නැත්නම් මාගධී භාෂාවෙන් ..... කලින් කල නොයෙක් කතුවරයන් විසින් ලියා එකතු කරන ලද ඓතිහාසික වාර්තා රාශියකින් සැදුම්ලත් අතිශය විස්තීර්ණ කෘතියක් විදිහට බොහෝවිට මහානාම හිමි අත තියපු පුරාණ වංසකතාව තියෙන්නට ඇති . ඒ වංසකතාව මුලින්ම නිවැරදි ගමනකට අරගෙන ආපු කෙනෙක් තමයි මේ දික්සඳ සෙනෙවි පිරුවන්පති මහානාම .... (කවුද මේ මහානාම කියලා අපි වෙනම දවසක මේ ලිපියෙම දිගුවක කතා කරමු .)
කොහොම හරි මහාවංසයට ටීකා වුණ වංසත්ථප්පකාසිනිය , මහනාම හිමි සහ මහාවංසයෙ ඇත්තටම තියෙන්නෙ මොනවද කියන දේවල් ගොඩක් අය දන්නෑ . සමහරු ගිරවු වගේ මහාවංසෙ බොරු.... සිංහයෝ එක්ක බුදියලා ළමයි හම්බෙච්ච ගෑණු ඉන්නවද ??? විජය හොරා වගේ ඒව කිව්වට ඔය කිසිම දෙයක් පදනම් රහිතව කියවනවා මිසක් මහාවංසය සමහරු අතින් අල්ලලවත් නෑ.
එහෙනං ඇත්තටම මොනව හරි මේ ගැන දැනගන්න ඕන කියලා හිතනවනං ඉස්සරහටත් ලියන්න හිතන් ඉන්න මේ ලිපිය එක්ක ඉන්න . එක ලයික් එකක් වැටුණත් ඇති බොහෝ දෙනාගේ හිතසුව පිණිස ලයික් කමෙන්ට් අපේක්ෂාවකින් තොරව මේ ලිපිය යම් දුරකට අඛණ්ඩව ලියනවා ඉදිරියටත් 🙂
කවුද මේ මහානාම 🤔
________ . ( 02 )
________ . ( 02 )
මහානාම 🤒 මහානාමලා ගොඩක් අපේ ඉතිහාස කතාව ඇතුලෙ ඉපදිලා තියනවා . තව උපදින්න බලාගෙනත් ඇති . හැබැයි මේ කතාකරන්න යන මහානාම නම් වෙන කෙනෙක් .
ඒ ඔබ මම හිතනවාට වඩා බොහොම භාරදූර්ය කාර්යයක් ඉතිහාසය වෙනුවෙන් ඉටු කරපු කෙනෙක් ගැන ඔහු තමයි මහාවංසය ලියපු මහානාම හිමි. නිකන්ම මහානාම කියල මාතෘකාව තුල ඉස්මතු කලාට ඒ උත්තරීතර මහතෙරුන් වහන්සේට සිංහලයෙක් විදිහට මාගේ නමස්කාරය වේවා !!! බෞද්ධයෙක් විදිහට මාගේ නමස්කාරය වේවා !!!
මොකද කියනවනං රෙද්දක් ඇඳගෙන අපිට ඉතිහාසය මේකයි කියලා ලෝකයට කියන්න අවස්ථාව හදල දුන්නෙ මේ උතුම් සංඝපීතෘන් වහන්සේට පින්සිඳුවන්නට.
ඇත්තටම මහාවංසය ලිව්වෙ මහානාම හිමියන්මද ???
මහාවංසයේ සැලකිය යුතු තැනක් මේක ලියපු පොර මම කියලා තමන්වහන්සේව වර්ණනා කරගන්න ඒ උතුම් කතු හිමියන් කිසිම අවස්ථාවක උත්සාහ කරලා නෑ . ඇත්තටම උන්වහන්සේ තමන්ගෙ සේවය නිහඬවම සිදුකරලා මහාවිහාර පොත්ගුලටත් ලංකා ඉතිහාස කතාවට වංශකතාවකුත් දායාද කරල නිහඬව වැඩ ඉන්න කොට උන්වහන්සේට පසුව උන්වහන්සේ ලියපු මහාවංසයට ටීකාවක් ලෙසිනුත් එය පිරිසිඳ දැනගන්නත් සහ එහි නොවූ සමහර දේ ගැන යම් අදහසක් දෙන්නත් ලියවෙන වංසත්ථප්පකාසිනී නම් පොතේ තමයි මේ මහාවංසය ලිව්වෙ මහානාම හිමි කියල මතු කරන්නෙ .
එතකොට මහානාම හිමි කවුද ; මොනවගේ කෙනෙක් ද ???
මම එකතැනකදි කිව්වනෙ මහානාම හිමියන් කිසඉඳු තැනක තමන්වහන්සේව වර්ණනා කරගෙන නෑ ඉතින් අන්න ඒ අඩුපාඩුව නිසා අපිට කවුද මේ මහානාම හිමි සහ කොහි සිට පැමිණියෙක්ද යන්න තහවුරු කරන්නට බැහැ. නමුත් සිංහලයන්ගේ පෙර පිනකින්දෝ හෝ මහාවංසයට අනතුරුව ලියවෙන එහි ටීකාවට නැත්නම් කතුවරයා විසින් මහාවංසයට කරන ලද #අර්ථසාරයට එනම් වංසත්ථප්පකාසිනීයට
පින්සිදුවන්නට මහානාම හිමි කවුද කියලා පුංචි ඉඟියක් අපිට දෙනවා .
මම එකතැනකදි කිව්වනෙ මහානාම හිමියන් කිසඉඳු තැනක තමන්වහන්සේව වර්ණනා කරගෙන නෑ ඉතින් අන්න ඒ අඩුපාඩුව නිසා අපිට කවුද මේ මහානාම හිමි සහ කොහි සිට පැමිණියෙක්ද යන්න තහවුරු කරන්නට බැහැ. නමුත් සිංහලයන්ගේ පෙර පිනකින්දෝ හෝ මහාවංසයට අනතුරුව ලියවෙන එහි ටීකාවට නැත්නම් කතුවරයා විසින් මහාවංසයට කරන ලද #අර්ථසාරයට එනම් වංසත්ථප්පකාසිනීයට
පින්සිදුවන්නට මහානාම හිමි කවුද කියලා පුංචි ඉඟියක් අපිට දෙනවා .
ඒ හැර ඒ මහානාම හිමි දෙමළෙක් ... ඒ මහානාම හිමි ඔත්තුකාරයෙක් ... ඒ මහානාම හිමි අරූ මූ කියන මහානාම හිමියන්ගෙ ජාතකේ හොයන එක කයිවාරුකාරයෙකුටවත් මහානාම හිමි ගැන තහවුරු කොට සඳහන් කල හැකි වෙනයම් කිසිම අවශේෂ තොරතුරු ඉතිහාසයේ නිශ්චිත සඳහනක නෑ.
වංසත්ථප්පකාසිනී නම් මහාවංස අර්ථසාරයෙහි සඳහන් කොටස ඔබේ හිතසුව පිණිස මම මේ විදිහට උපුටා තබන්නම් ;
_______ උපුටා ගැනීමයි________
දික්සඳ සෙනෙවිරඳුන් විසින් කරවන ලද මහ පිරිවෙන් වැසි , මහාවංශ අර්ථ සාරයෙහි ප්රවීණ, ආචාර්යයන් කෙරෙන් ලද මහානාම නම් ඇති තෙරුන් විසින්, හෙළ බසින් කරන ලද පැරණි හෙළ අටුවායෙහි භාෂාන්තරය හැර අර්ථ සාරයම ගෙන , පෙළ බසට අනුරූපවන සේ කරන ලද පද්ය පද මහාවංශයට , යම් අර්ථ වර්ණනාවක් එයම ඇසුරු කරමින් මවිසින් ආරම්භ කරනු ලැබූ විදේශ ආධිපත්ය භය , දුර්භික්ෂ භය , රෝග භය ආදී අනේකවිධ අන්තරායබහුල කාලයෙක වූවද , එම අන්තරායයන් ගෙන් මිදී මෙතෙකින් නිමාවට පත් වූවාද , ඒ මේ අර්ථ වර්ණනාව , බුද්ධ , බුද්ධශ්රාවක, ප්රත්යෙක බුද්ධාදී පෞරාණික උත්තමයන්ගේ වංශය ප්රකාශ කරන හෙයින් " වංසත්ථප්පකාසිනී " නමැයි දත යුතු ය.
_________ උපුටා ගැනීම ; වංසත්ථප්පකාසිනී ( මහාවංස ටීකාව )
සිංහල අනුවාදය අකුරටියේ අමරවංස නාහිමි සහ හේමචන්ද්ර දිසානායක _____
_________ උපුටා ගැනීම ; වංසත්ථප්පකාසිනී ( මහාවංස ටීකාව )
සිංහල අනුවාදය අකුරටියේ අමරවංස නාහිමි සහ හේමචන්ද්ර දිසානායක _____
එතකොට අපි අද භාවිතා කරන මහාවංසය " පද්ය පද මහාවංසය ලෙස තමයි එහි ටීකාව හඳුන්වන්නෙ . ඊට හේතුව වෙන්න ඇත්තෙ එය පාලි ගාථා වලින් සංග්රහ කරල තැබීම ; අනිත් දේ තමයි මේ කොටසින් අපිට තහවුරු වෙනවා මහාවංසය මුලදී හෙළ බසින් නැතිනම් පැරණි සිංහලයෙන් තිබ්බ අටුවාවක් ඇසුරින් පාලියට නගා කරපු පොතක් කියන එක . එතකොට අපිට තහවුරු වන තව දෙයක් තමයි මේ වංසත්ථප්පකාසිනී නම් අටුවාව මහාවංසය ට තබන ලද ටීකාව නැතිනම් අර්ථසාරය හෝ වර්ණනාව කියලා ... එතකොට මහාවංස කතුවරයා සහ මේ කතුවරයා කියන්නෙත් දෙන්නෙක්😕
බැරි වෙලාවත් මහාවංස කතු මහානාම තෙරුන් පැරණි හෙල අටුවාව විකෘති කරල මහාවංසයට මුලාව එකතු කලානම්; මේ වංසත්ථප්පකාසිනී ලියපු කතුවරයා එය වර්ණනා කලා කියලද ඉතිහාසය විවේචනයෙන් දකින පඬිවර ඇත්තො කියන්නෙ 😌 ඒ නිසා සරලවම තේරුම් ගන්න ඕන දේ මේ මහානාම හිමි නොහිටින්න මහාවංශය අපිට නැත්තටම නැතිව යනවා සහ ලංකාවෙ උන්ට කියව කියව විකුණන්න වංසෙ කබල් ගාන්න දෙදාස් පන්සීයක් තියා පන්සීයකවත් ඉතිහාසයක් නෑ . වෙලා තියන ලොකුම ගැටලුව ; මහානාම හිමිට පින්සිද්ධ වෙන්න අපේ ඉතිහාසය යම් තරමකින් නිරවුල් එතකොට මෑත උපදින අධර්මවාදී කාළකණ්නින්ට , ජාතිවාදීන්ට , මූලධර්මවාදීන්ට උන් හිතන මත පතුරවන්න මහාවංසය නිසා බැරිවෙනවා .... අන්න ඒකට වෙර බඳින ඒ අමන රැළ මේ උත්තරීතර වංසකථාවටත් එහි රචකයාටත් නිග්රහ කරන්න තියන ලොකුම වුවමනාව ඒක තමයි .
බැරි වෙලාවත් මහාවංස කතු මහානාම තෙරුන් පැරණි හෙල අටුවාව විකෘති කරල මහාවංසයට මුලාව එකතු කලානම්; මේ වංසත්ථප්පකාසිනී ලියපු කතුවරයා එය වර්ණනා කලා කියලද ඉතිහාසය විවේචනයෙන් දකින පඬිවර ඇත්තො කියන්නෙ 😌 ඒ නිසා සරලවම තේරුම් ගන්න ඕන දේ මේ මහානාම හිමි නොහිටින්න මහාවංශය අපිට නැත්තටම නැතිව යනවා සහ ලංකාවෙ උන්ට කියව කියව විකුණන්න වංසෙ කබල් ගාන්න දෙදාස් පන්සීයක් තියා පන්සීයකවත් ඉතිහාසයක් නෑ . වෙලා තියන ලොකුම ගැටලුව ; මහානාම හිමිට පින්සිද්ධ වෙන්න අපේ ඉතිහාසය යම් තරමකින් නිරවුල් එතකොට මෑත උපදින අධර්මවාදී කාළකණ්නින්ට , ජාතිවාදීන්ට , මූලධර්මවාදීන්ට උන් හිතන මත පතුරවන්න මහාවංසය නිසා බැරිවෙනවා .... අන්න ඒකට වෙර බඳින ඒ අමන රැළ මේ උත්තරීතර වංසකථාවටත් එහි රචකයාටත් නිග්රහ කරන්න තියන ලොකුම වුවමනාව ඒක තමයි .
ඒ වගේම යම් තරමකින් හරි මහාවංස කතාව ගැන අයිඩියාවක් තියන ඕනැම කෙනෙක්ට මතක් කරගත්තොත් මතකයට එයි ධාතුසේන රජවෙන අවස්ථාව . ධාතුසේන කුමාරයට රජවෙන්න උදව් කරන ඔහුගේ මාමා කෙනෙකු වන භික්ෂුවක් ඉන්නවා . බොහෝ දෙනා මත පළකරනවා. මේ භික්ෂුව මෞර්ය රාජ පරම්පාරාවට අනුරාධපුර රාජධානිය අහිමි වුණාට පස්සෙ අගනුවරින් පලාගිය රාජවංශික පෙළපතක් ඇති ධාතුසේනගේ මවගේ සොයුරෙක් . ඔහු දික්සඳ සෙනෙවි පිරුවණේ පැවිදිවූ වග සඳහන් . මේ අවදිය ලංකාවට සයද්රවිඩයන් මේ රට පාලනය කරන අවධිය රාජවංශික ධාතුසේනා කුමාරයත් මේ විහාරයේම පැවිදි වෙනවා පසුව ඔහු ගැන පැහැදෙන මේ භික්ෂූන් වහන්සේ බොහෝ කැපවීම් කරලා ධාතුසේන කුමාරයව රකිනවා .
ඒ වගේම ධාතුසේන කුමාරයත් රජවෙලා ත්රිපිටක ආදී පොත්පත් කාර්මාන්ත කරවූ වග පැහැදිළියි . ඒ අනුව මේ දික්සඳ සෙනෙවි පිරිවෙන්වැසි මෙකී භික්ෂුවත් මහානාම හිමියනුත් බොහෝවිට එක් අයෙකුම විය යුතුයි සහ මහාවංසය ලියවුණු අවධිය කුමන හෝ විදේශ ආක්රමණ බියක් සහිත අවධියක් වග ඊට සමකාලීන වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරනවා .
ඉතින් ඉතිහාසය තුල මේ තරම් නිදොස් මහතෙරුන් වහන්සේ කෙනෙකුට ඉතිහාසයේ පසුව උපන්න අ යනු ආ යනු නොදන්න නොදරුවො වර්තමානය තුල අපහාස කරන්නෙ ඒ තරම්ම උත්තරීතර සේවාවක් ඉටු කරපු බවවත් නොදැන ; ඊටත් වඩා ඔවුන් බහුතරය මේ මහාවංශය කියවා හෝ මහානාම කවුද කියලා නොදන්න අය . ඉතින් අපෙන් කියලා ඉදිකටු තුඩකවත් දෙයක් නොපතා මේ සා ඉතිහාසයක් සංග්රහ කරපු සංඝපීතෘ ඒ මහතෙරුන්ට දොස් නගනවාද හරියට අද ඉඳන් ඉතිහාසය කියවන්න පටන් ගන්නවද කියන එක ඔබසතු වගකීමක් 😎
ඉතින් අදට හොඳටම ඇති .... තව ඉදිරියට මේ ලිපිය යා යුතුයි සහ දිගට ලියන කතා කියවන්න අපේ මිනිස්සු හරි අකමැතියි. ඒ නිසා තව ලිපියකින් නෙවේ ලිපි පෙළකින් මම මේ ඉතිහාස කතාව සහ මම ගුරුකොට ගන්න මහාවංසය ගැන ලියා අවසන් කරන්නම් .
එදා වගේම අදත් කියනවා ලයික් කමෙන්ට් නැතුව හරි මා සතු වගකීමක් සලකාගෙන මේ ලිපිය තවදුරටත් ලියවේවි. ඔබේ දැක්ම පැහැදිළි කරගන්න කැමතිනම් ඒ වංසකතාව එක්ක ඔබේ අක්මුල් සොයාගෙන යන්න දිගටම මේ ලිපියට එකතුවෙන්න .
මහාවංශය ලිව්වෙ කොහෙදිද ???
________ . (03)
________ . (03)
වටින් වටින් යමින් මහාවංසකතාව ගැන අකුරු අමුණනවා . සමහර අයට හිතෙන්න බැරිනෑ මේකා මහාවංශය ගැන නොලියා ටිකක් වටේ යනවා වැඩිදෝ කියලත් ;🤒
නෑ
ඇත්තටම එක වසරට නොගිහින් එකපාරම ශිෂ්යත්වෙ ලියන්න ගියපු ගොඩක් උන්නාන්සෙලයි , පණ්ඩිතයොයි නිසා තමයි ආද වෙනකොට ලංකාවෙ ඉතිහාසයත් ; ජාතියත් ආගමත් විපතෙ වැටිල තියෙන්නෙ .
ඇත්තටම එක වසරට නොගිහින් එකපාරම ශිෂ්යත්වෙ ලියන්න ගියපු ගොඩක් උන්නාන්සෙලයි , පණ්ඩිතයොයි නිසා තමයි ආද වෙනකොට ලංකාවෙ ඉතිහාසයත් ; ජාතියත් ආගමත් විපතෙ වැටිල තියෙන්නෙ .
ඉතින් මහාවංසය ගැන හරියටම ඇත්ත දැනගන්න නම් අපි ඒ වටපිටාව අධ්යයනය කරගත යුතුමයි . ඒ කියන්නෙ කවුද ලිව්වේ; කොහොමද ලිව්වෙ , මොකටද ලිව්වෙ , කොහෙදිද ලිව්වෙ සහ මොනවද ලිව්වෙ වගේ මූලික ඒත් දැනගත යුතුම දේ .
අන්න ඒ නිසා මහාවංසකතාවේ තුන්වෙනි ලිපිය වෙන්කරේ මහාවංශය ලියපු තැන මොකක්ද කියන අදහස තෝරා බේරා ගන්න .
මහාවංසය ලියන්නෙ මහාවිහාර පරම්පරාවට අයත් භික්ෂුවක් කියන එක ඉතාම පැහැදිළියි . ඒ කියන්නෙ මහාවංශය අනිවාර්යෙන්ම ලියවෙන්න ඕන මහාවිහාරය ඇතුලෙ . එතකොට මහාවිහාරය කියපුවාම ඒක ලොකු සංකීර්ණ ගැටලුවක් .
මොකද මහාවිහාරය කියන්නෙ දේවානම්පියතිස්ස රජ්ජුරුවො සහ මහා මහින්ද මහරහතන් වහන්සේ සැලසුම් කල තැන පටන් මහාවංශය ලියවෙන තැනට වෙනකං විශාල හැලහැප්පීම් ; කැඩීම් බිදීම් වෙන්වීම් සහිතව ගලාගෙන ගිහින් මුලු ලක්දිව පුරාම ශාසන ධ්වජය ඔසවපු ථේරවාදී බුදුදහමේ කේන්ද්රස්ථානය . එය මුලු බෞද්ධ ලෝකයටම එලෙසමයි. මේ මහාවිහාරය මහසෙන් රජසමය වෙනකොට පිරිවෙන් 324 ක් තරම් පුලුල් වෙලා තිබිලා තියනවා . ඒ අතරිනුත් දූරසංකර ග්රන්ථාකාර පිරිවෙණ සහ දික්සඳ සෙනෙවියා පිරිවෙණ කියන ආයතන දෙක ඉතාම සුප්රසිද්ධ තැන් දෙකක් අද අපේ අස්ගිරි මල්වතු උභය විහාර දෙක වගේ කියලා නිකමට හිතලා මවාගන්නකො.
එතකොට වැඩිහරියක්ම මහාවිහාරයට අයත් පොත්ගුල් පැවිතියේ නඩත්තු වුණේ සහ මාතුල දනව්වේ තිබ්බ පොත්තකාරූඪ ත්රිපිටක සංගීතියෙන් පසුව තෙවලා දහම නැවත නැවත පිටපත් කරමින් බෙදා හැරීම සහ ඒ පත පොත ආරක්ෂා කිරීම සිදුවුණේ මේ විහාර දෙකේදි . ඒ බව තහවුරු වෙනවා බුද්ධඝෝෂ අටුවාචාරීන් අටුවා සංග්රහ කලේ මේ දූරසංකර පිරිවෙණ තුල ඉදන් වීමෙන් .
කොයි විදිහට හරි වංසත්ථපකාසිනිය ඉස්මතු කරපු දික්සඳ පිරිවෙණේ වාසය කල මහානාම තෙරුන් යනුවෙන් සඳහන් කාරණයෙන් අපිට තහවුරු වෙනවා මහානාම හිමි මහාවිහාරයට අයත් දික්සඳ පිරිවෙණේ තමයි මහාවංසය රචනා කලේ කියන එක .
මොකක්ද මේ දික්සඳ පිරිවෙණ ???
මහාවංසයේම මහා මහින්ද මහරහතන් වහන්සේ මහාවිහාරය පිළිගැනීම නම් පසළොස්වන පරිච්ඡේදයේ 212 සහ 213 ගාථා දෙක මේ විදිහට කියනවා .
212 - සෙනාපති තස්ස රඤ්ඤො ථෙරස්ස දීඝසන්දනො කාරෙසි චූළපාසාදං මහාථම්හෙහි අට්ඨහි
213 - දීඝසන්දසේනාපතිපරිවෙණන්ති තං තභිං වුච්චතෙ පරිවෙණං තං පමුඛං පමුඛාකරං .
213 - දීඝසන්දසේනාපතිපරිවෙණන්ති තං තභිං වුච්චතෙ පරිවෙණං තං පමුඛං පමුඛාකරං .
දේවානම්පියතිස්ස රජුගේ දික්සඳ නම් සෙනෙවි තෙමේ මහාමහින්ද තෙරුන් උදෙසා මහටැඹ අටෙකින් යුත් චූළපාසාද නම් පහයක් කරවීය . ඒ තෙමේ දික්සලු හඳනා හෙයින් දික්සඳ නම් වීය . ඒ මහාවිහාරයෙහි වූ පිරිවෙන් අතුරෙන් මේ පිරිවෙණ ප්රමුඛ වූයේය. අන් පිරිවෙන් පරයමින් උස්වීය. ප්රමුඛයන්ට ආකර වීය.අහස පිසිනු රිසියෙන් මෙන් උස්ව වැජඹි හෙයින් සුනෙර ගිර මෙන් ප්රමුඛව දිස්විය..
( මේත් අකුරටියෙ අපේ හාමුදුරුවො කරපු වංසත්ථප්පකාසිනියෙ තියන අර්ථ විවිරණය සහ පාලි ගාථාව . )
( මේත් අකුරටියෙ අපේ හාමුදුරුවො කරපු වංසත්ථප්පකාසිනියෙ තියන අර්ථ විවිරණය සහ පාලි ගාථාව . )
යන්න එහි අර්ථයයි . ඒ කියන්නෙ මහාවිහාරයට තිබ්බ විශාලම සහ වැදගත්ම තැන තමයි මේ දික්සඳ පිරිවෙණ ; දික්සඳ පිරිවෙණ කිව්වට මේකෙ ඇත්ත නම චූළපාසාද පිරිවෙණ කියන එකයි . එතකොට මහාවිහාරයට අයත් බොහෝ වැදගත් දේ සිදුවූ සහ මහාවිහාරයෙ වැඩසිටි මහතෙරුන් වහන්සේලා වැඩි පිරිසක් සිටින්නට ඇත්තේ මේ චූලපාසාදයේ ඊටත් වඩා ත්රිපිටක පොත් තැන්පත්ව තිබීම මෙන්ම මහාවංසය සහ අනෙකුත් අට්ඨකථා පිළිබඳ අයිතියක් දරල සහ පාලනය දරල තියෙන්නෙත් මේ පිරිවෙණේ වැඩසිටි මහාතෙරුන් වහන්සේලා අතින් ඒ වගේම මෙයින් තේරෙන ව දෙයක් තමයි මේ මහානාම කියන්නෙ නිකන්ම නිකන් භික්ෂුවක් නොවිය යුතු බව බොහෝ විට මහාවිහාරයේ වැඩසිටිය නායක තෙරුන් වහන්සේ කෙනෙක් විය යුතුයි. කලීන් ලිපියෙ මම ඉස්මතු කල ආකාරයට ධාතුසේනව රජකරන්න මුල්වූ භික්ෂුව මුන්වහන්සේම නම් අනිවාර්යෙන්ම උන්වහන්සේ ඉහළ ප්රසාදයක් සහ මහාවිහාරය තුල වැඩ උන් ශාසන භාරධාරීන් වහන්සේ කෙනෙකුම විය යුතුයි .
ඒ හැරුණු කොට ධාතුසේන රජතුමාව ඝාතනය කිරීමෙන් පසුව කාශ්යපගෙන් යලි රාජ්ය ලබාගන්නා මුගලන් කුමාරය පිදුරන්ගල විහාරය කරවා පිදුරන්ගල වෙහෙර මහානාම හිමියන්ට පුදකල බවත් එහි සිට මහාවංශය රචනා කරන්නට ඇති බවත් සමහර අයෙක් විශ්වාස කරනවා . ඒත් ඒ කාරණය දැනට වංසකථාවක් ආධාරයෙන් හෝ වෙනයම් සාධකයකින් තහවුරු කරන්නට නොහැකි ප්රවාදයක් පමණයි .
කොයිදේ කොහොම වුණත් පැහැදිලිව කිවහැකි කාරණය මහාවංශය මහාවිහාර ථේරවාදී සංඝ පරම්පරාවේ දික්සඳ පිරිවෙණට අයත් තැනකදී මහානාම තෙරුන් අතින් රචනා වූ බව පමණමයි . එය සැකයකින් තොර කාරණයක් .
මහාවංසය ගැන තවත් කතාකරන්න අවශේෂ කතා බොහොමයක් තියනවා . අපි බලමු තවදුරටත් ඉදිරියට ඒ ගැනත් හෙමි හෙමින් සාකච්ඡා කරන්නට . මේ ලිපිය ලියන්නට උනන්දු කරපු කරන හැමදෙනාටම කෘතවේදී වෙමින් ලිපිය අවසන් කරනවා .
වංසකථාවක් යනු කුමක් ද ??
______________ . (04)
______________ . (04)
මේ කතාකරන්න යන්නෙ වංසකතාව යනු කුමක්ද කියන කාරණයයි .
මොකක් හෝ සිදුවීමකින් අපේ රටේ බහුතරයක් වංසකතාව කී පමණින් මහාවංශය හා දීපවංශය අඩු තරමින් අහල හරි තියනවා . ඒවගේම පුරුද්දට වංසකතාව කියන වචනයත් කියනවා නමුත් බහුතරය වංසකථාවක් යනු කුමක්ද කියන නිශ්චිත අදහසක නෑ .
මොකක් හෝ සිදුවීමකින් අපේ රටේ බහුතරයක් වංසකතාව කී පමණින් මහාවංශය හා දීපවංශය අඩු තරමින් අහල හරි තියනවා . ඒවගේම පුරුද්දට වංසකතාව කියන වචනයත් කියනවා නමුත් බහුතරය වංසකථාවක් යනු කුමක්ද කියන නිශ්චිත අදහසක නෑ .
ඇත්තටම වංශකථාවක් යනු කුමක් ද ???
වංශකථාවක් යන්න නිර්වචනය කිරීමට පෙර සරල අදහසින් වංශයක් යන්න අදහසට ගතහොත් වංශය යනු පරම්පරාව , කුලය හෝ යම් ගෝත්‍රයක් හැඟවෙන අදහසයි . එතකොට එතනින්ම බොහොම සරලව මේ අදහස පමණක් ඔලුවට ගත්තොත් වංශකථාවක අඩංගු වෙන්නෙ යම් නිශ්චය කරගත්ත පිරිසකගෙ හෝ කොටසක පරම්පරාව පිළිබඳ කතාන්දරය. ඒක ටිකක් ඊට වඩා සවිස්තරව කිව්වොත් ඉතිහාසගත තොරතුරු ආශ්‍රය කරගෙන පරම්පරා තොරතුරු අධ්‍යයනය කර සටහන් තැබීමත් ඉතිහාසයේ වැදගත් යැයි සලකන සිදුවීම් ඉස්මතු කොට ඒවා කතාන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම වංසකතාව තුල සිදුවෙනවා .
මහාවංසය තුල ප්‍රධානවම කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ සුමේධ තාපසව දීපංකර පාද මූලයේ පටන් බුද්ධ වංශය දැක්වීමත් , මහා මහින්දාගමනයේ සිට ශාසන වංශකථාව දැක්වීමත් , ශාක්‍ය සිංහල ආර්ය වංශය ගැන පරම්පරා කතාව දැක්වීමත් , මහාවිහාර වංශකථාව දැක්වීමත් සහ සිංහලයාගේ රාජාවංශාවලිය දැක්වීමත් යන බොහෝ අරමුණු මුල්කොටගෙන තමයි මහාවංසය ලියවෙන්නෙ .
ලෝක සාහිත්‍යය තුල වඩා ගාම්භීර සහ විශිෂ්ඨතම සාහිත්‍යයක් වූයේ ජම්බුද්වීප වාසීන් සතුවයි එනම් භාරතයේ නමුත් ඒ සා ගාම්භීර සාහිත්‍යයකට උරුමකම් කියූ ඔවුන් සතුවවත් නිශ්චිත ලෙස මේ වංසකථා සාහිත්‍ය එතරම් ප්‍රචලිත නෑ . ඒනයින් බලන කල ඉන්දියාවෙන් උකහාගත්ත බොහෝ දේ මේ භූමිය තුලදී බොහොම විවේක බුද්ධියෙන් මනාව හැඩගස්සවල තියනවා. ඒ මහා මහින්ද මහරහතන් වහන්සේ තරම් බුද්ධිමත් පරම ගාම්භීර ධර්මයක සෙවණ ලැබූ රාජකීයකුගේ නිසි මගපෙන්වීම හා උන්වහන්සේ දැමූ පදනමේ තිබූ ශක්තිමත් භාවය නිසායි. සරලවම මේ සමස්ත ලාංකීය ජාතිය තථාගත බුදුරජාණන් වහන්සේට පසුව ණයගැති කෙනා තමයි ඒ මහින්ද මහරහතන් වහන්සේ .
මහාවංසය තුල ප්‍රධානවම කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ සුමේධ තාපසව දීපංකර පාද මූලයේ පටන් බුද්ධ වංශය දැක්වීමත් , මහා මහින්දාගමනයේ සිට ශාසන වංශකථාව දැක්වීමත් , ශාක්‍ය සිංහල ආර්ය වංශය ගැන පරම්පරා කතාව දැක්වීමත් , මහාවිහාර වංශකථාව දැක්වීමත් සහ සිංහලයාගේ රාජාවංශාවලිය දැක්වීමත් යන බොහෝ අරමුණු මුල්කොටගෙන තමයි මහාවංසය ලියවෙන්නෙ .
ලෝක සාහිත්‍යය තුල වඩා ගාම්භීර සහ විශිෂ්ඨතම සාහිත්‍යයක් වූයේ ජම්බුද්වීප වාසීන් සතුවයි එනම් භාරතයේ නමුත් ඒ සා ගාම්භීර සාහිත්‍යයකට උරුමකම් කියූ ඔවුන් සතුවවත් නිශ්චිත ලෙස මේ වංසකථා සාහිත්‍ය එතරම් ප්‍රචලිත නෑ . ඒනයින් බලන කල ඉන්දියාවෙන් උකහාගත්ත බොහෝ දේ මේ භූමිය තුලදී බොහොම විවේක බුද්ධියෙන් මනාව හැඩගස්සවල තියනවා. ඒ මහා මහින්ද මහරහතන් වහන්සේ තරම් බුද්ධිමත් පරම ගාම්භීර ධර්මයක සෙවණ ලැබූ රාජකීයකුගේ නිසි මගපෙන්වීම හා උන්වහන්සේ දැමූ පදනමේ තිබූ ශක්තිමත් භාවය නිසායි. සරලවම මේ සමස්ත ලාංකීය ජාතිය තථාගත බුදුරජාණන් වහන්සේට පසුව ණයගැති කෙනා තමයි ඒ මහින්ද මහරහතන් වහන්සේ .
ඒ කතාව ඇති ඒක පුංචි අතුරු කතාවක් යම් අරමුණක් වෙනුවෙන් ලියවෙන ; ඉදිරියට ඊට හේතුව ඔබට වැටහේවි .
කොහොම හරි මේ වංසකථා ලියපු වංසකතාකරුවන් එකී ඉතිහාස පුවත් තත් වූ පරිද්දෙන් ලිවීම වගේම ඊට උචිත භාෂා ව්‍යවහාරයක් සහ රටාවක් අනුගමනය කිරීම නිසාමත් ඉන්පසුව බිහිවෙන කතුවරුන්ද එම රටාව සහ එම සාහිත්‍ය විධිය භාවිත කිරීමත් එක්කම වංශකථාව වෙනම සාහිත්‍ය අංගයක් ලෙස වර්ධනය වෙනවා . ඒ නිසාම අපේ රටේ වංශකථා සාහිත්‍ය සම්ප්‍රදායක් ඇතිවෙනවා .
අන්න ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මහාවංශයට ගුරු වූවා යැයි විශ්වාස කරන පුරාණ සීහලට්ඨකථා මහාවංසය,දීපවංශය , පද්‍ය පද මහාවංසය (වර්තමානයේ අපි භාවිතා කරන මහාවංසය ) , බෝධිවංශ , ථූපවංශ , ධාතුවංස ආදී සෑම වංසකතාවක්ම බිහිවෙන්න හේතුව මේ ක්‍රමයේ දිගුවයි .
අන්න ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මහාවංශයට ගුරු වූවා යැයි විශ්වාස කරන පුරාණ සීහලට්ඨකථා මහාවංසය,දීපවංශය , පද්‍ය පද මහාවංසය (වර්තමානයේ අපි භාවිතා කරන මහාවංසය ) , බෝධිවංශ , ථූපවංශ , ධාතුවංස ආදී සෑම වංසකතාවක්ම බිහිවෙන්න හේතුව මේ ක්‍රමයේ දිගුවයි .
ජාතියක් විදිහට සිංහල දේශවාසීන් විදිහට අපි ඉතාමත් ආඩම්බර වෙන්න ඕන . මොකද සිංහලයන්ගෙ ආරම්භක මුතුන් මිත්තන්ගෙ දේශය වුණ ජම්බූද්වීපවාසීන්ටවත් අපිට වගේ අඛණ්ඩ වංසකථාවක් නෑ සහ මේ තරම් බොහෝ ඉතිහාස කරුණු ගොනුකර තැබීමක් ඔවුන් සිදුකර නෑ . එතකොට මේ වර්ග කිලෝමීටර් හැටපන්දාස් ගාණ ඇතුලෙ අපි මහාවංසයට කොච්චර ණයගැතිද එහි රචකයන් වහන්සේලාට කොතරම් ණයගැතිද කියලා හරි වැටහීමක් ලැබුවොත් ඔබ වටහා ගනීවි.
මේ ලිපිය ලියන මුල් මොහොතේ පටන් අවසානය තෙක්ම මෙහි ලියුම්කරු විදිහට යමක් මා අවධාරණය කරන්නම් .... එකක් මේ හැමතැනකදීම බොහෝ දුරට මගේ අවබෝධයේ හැටියට තාර්කිකව කරුණු දක්වන්න වගේම සංවාදශීලී පහසු භාෂාවකින් මෙය රචනා කරන්න උත්සහ කරන්නෙ මේ ලිපිය තුල මා අරමුණු කරන්නෙ මගේ පාණ්ඩිත්‍යයක් ඔබට පෙන්වීම නොව එකම අරමුණ මහාවංසය ගැන යමක් ඔබේ බුද්ධිය වෙත ප්‍රවේශ කරන්න ඕන නිසාමයි . ඒ මේ මාතෘභූමියේ සහ අපේ මුතුන් මිත්තන් දැන ඔබ සැබෑවම දැනගත යුතු නිසා සහ මුලාවෙන් මිදිය යුතු නිසා .
එහෙත් මේ ලිපිය තුල මම කියන කිසිම කාරණය එකලා ඔබ භාරගැනීමට හෝ වැළඳගැනීමට නොව ; සැමවිටම එය බුද්ධියෙන් විමසා බලන්නත් අවශ්‍ය තැනක් වෙතොත් සුහදශීලී බුද්ධිමය සංවාදයක් ගොඩනගන්නත් ආරාධනා කරනවා මොකද මෙතන විය යුත්තේ මගේ මතය ඔබ වෙත ප්‍රවේශ කිරීම නොවෙයි හරි දේ ඔබ දැනගන්න එක .
ඉතින් යම් අදහසක් වංසකථා කියන්නෙ මොනවාද යන්න තුල ඔබට වැටහෙන්න ඇති . තවදුරටත් මහාවංශය ගැන කතාකරගෙන යනවිට වංසකතාවත් එහි අවශේෂ දේ ගැනත් බොහෝ දේ ගෙන එන්නම්.
හෙළ බසින් තිබූ මහාවංසය පාළියට නැගුවේ ඇයි ???
____________________ . (5) . i
____________________ . (5) . i
අද කතාකරන්න යන්නෙ මහාවංස කතාවෙ තියන ඉතාම ගැඹුරුම භයානකම කතාවක් . ඊටත් වඩා මහාවංසයේ රචකයා ලෙස අපි කතාකරන මහානාම තෙරුන් වැඩි හරියක්ම බැණුම් අහන්න මුල්වෙන හේතුව . ඇයි සැබෑවටම මහාවංසය හෙළ බසින් නොතබා පාලියට නැගුවේ.
ඔලුවෙන් නොහිතා උඩින් බැලුවොත් මිනීමරාගන්න ඕන සයිස් එකේ සිද්ධියක් තමයි නේද ?? හැබැයි නිකමටවත් මෙයට මහාවිහාර වාසීන් මේ වගේ දෙයක් කරන්න සිද්ධවුණ හේතුව ඔබ කල්පනා කරාද ??? නෑ නේද ???
අද කතාකරන්න යන්නෙ ඒ හේතුව . මේ හේතුව කතාකරන්න තවත් එක හේතුවක් තමයි මගෙ එක ලිපියකට අදහස් එකතුකර තිබූ එක්තරා පරිශීලකයෙක් තවත් ගැටලු කීපයක් සමඟ මේ ප්රශ්නයත් අසා තිබූ නිසා . කොයි කෙසේ වෙතත් මෙයින් ඔබට තීබෙන දුර්මත බොහොමයකට සහ ගැටලු බොහොමයකට අල්ප මාත්ර හෝ පිළිතුරක් ලැබේවා කියලා මේ ලිපිය සංග්රහ කරනවා .
ඔබ දන්නවද අපිට මහා මහින්ද මහරහතන් වහන්සේ හරහා බුදුදහම ලංකාවට නිශ්චිත ලෙසම ලැබෙනකොට නැත්නම් හඳුන්වාදෙනකොට ඉන්දියාවේ තෙවන මහා ධර්ම සංඝායනාවකුත් පවත්වා අවසන් . ඒ වෙනකොට තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙලා වසර දෙසිය ගණනකුත් ඉක්මවී ශාසනය මහාසාංඝික සහ ථේරවාදී ලෙස ප්රධාන දෙපිරිසක් ලෙසත් අනු කොටස ලෙස බොහොමයකටත් බෙදී අවසන් . ඔය මහාසාංඝික හෙවත් පසුව මහායාන විදිහට එකතු වෙන පිරිස ගෙනයන බුදුදහමට හින්දු දහම සහ වේද සංස්කෘතික බලපෑම තදින් එනවා . එතකොට ඒ සමඟම සංස්කෘත භාෂාව ඒ බුදුසමයේ නිල භාෂාව තරමට ගොඩනැගෙනවා . එතකොට අපේ ථේරවාදීන් තථාගතයන් අනුදැන වදාල මාගධී පාලි බසින් ධර්මය ඉදිරියට ගෙන එනවා .
එතකොට සඛණ්ඩ ථේරවාදීන් ගේ නිල ධර්ම ප්රචාරක සහ භාවිත බස තමයි පාලිය . නැත්නම් මාගධී බස ..... ඉතින් දූපතක් විදිහට ගොඩනැගුණු අපිට ඒ දූපතක් වුමේ වාසිය නිසාම බුදුදහමට අන් මතවාද එකතු වෙන බලපෑම අඩුවුණත් වළගම්බා රජ දවසින් පස්සෙ ථේරවාදීන් ධජ නගා සිටිය මහාවිහාරයටත් මාර දැළ එසවෙනවා . සරලව කිව්වොත් කෙමෙන් කෙමෙන් මහාවිහාරය තුලටත් බාහිර බලවේග ඇතුල් වෙනවා . මේකෙ වර්ධනීය අවස්ථා තමයි ජෙට්ඨතිස්ස රජදවස , වෝහාරිකතිස්ස රජදවස , ගෝඨාභය රජදවස , භාතිකාභය රජදවස වගේම මහසෙන් රජදවස . ඔය අතරින් භයානකම අවස්ථාව මහසෙන් රජදවස . කොටින්ම මහාවිහාරයේ සීමාව උගුල්ලාගන්න බැරිවෙනවා හැර අනිත් බොහෝ දේ විනාශ කරා කියල ඉතිහාසය කියනවා . කොටින්ම මහසෑ මලුවෙ උඳුත් වැපිරුවලු . ඒ අස්සෙම ඔය සමහර රජදවස් වල ධර්මාධිකරණ තියල සමහර පතපොතේ වූ දේ විනිෂ්චය කරන්නට පවා වූ අවස්ථා තිබිල තියනවා . ඒ වගේම දෙගොල්ලො දෙගොල්ලන්ගෙ පතපොතත් ගිනිතියාගත්ත තැන් අනන්තයි . ඊටත් වඩා මේ කාලයේ ඒකඡත්රව උන් සංඝයා මහාවිහාර , අභයගිරි සහ ජේතවන කියන තුන්නිකායකටම කැඩෙනවා . මේක අපේ ශාසනයේ අද තියන බොහෝ විනාශකාරී දේට හේතුවුණ සහ පාරිශුද්ධ තථාගත ශාසනය කෙලසා දාපු අවාසනාවන්ත අවධියක් .
බොහොම වගකීමෙන් සහ අවධාරණයෙන් මම මේ කොටසෙ මේ ඉස්මතු කරන කාරණය ධාරණය කරගන්න සහ ප්රවේශමෙන් කියවන්න ආරාධනා කරනවා ; මොකද මේ ලියන කොටස වැඩිය මතුනොවෙන බොහොම සංවේදී සහ බැරෑරුම් තැනක් බොහෝවිට සමහරු කතාකරලත් නෑ.
ඉතින් මහාවිහාර සංඝයා ජීවිත පරිත්යාගයෙන් මහා කස්සපාදී උතුමන් රැකගෙන ආ මේ ථේරවාදී මහා ශාසනය දිය බිඳ බිඳ තොලගගා බිම වැටිලා රැකගෙන එනවා . ඒ තරම් කැපකිරීමක් බුද්ධශාසන ඉතිහාසය තුල කිසිම අවස්ථාවක සිද්ධවන්නේ නෑ . ඉතින් මේකෙ ඉදිරි පියවරක් විදිහට තමයි මෙතෙක් හෙල බසින් වූ අට්ඨකතාව පාලියට නැගෙන්න සිද්ධවුණ හේතුව . සමහර විට මේක ප්රසිද්ධ කාරණයක් නොවීම නිසා මගේ මතය සමඟ ඔබට ගැටීම් නැතිවෙන්න බැරිනෑ . ගැටලුවක් නෑ ... නමුත් මම මේ අදහස ගොඩනගන්නෙ බොහෝ සිදුවීම් ගලපමින් සහ තර්ක ගොඩනගමින් ඔබත් ඒ මාර්ගයෙන් මේ කාරණා ඉස්මතු කරන්න උත්සාහ දරන්න .
ඔන්න ඔය අවස්ථාවක තමයි බුද්ධඝෝෂ හිමි මේ රටට ඇවිත් අට්ඨකථා පාලියට නගන්න මහාවිහාරයෙන් අවසර ඉල්ලන්නෙ. ඒ වෙනකොට මේ රටේ රජ කරන්නෙ මහානාග රජතුමා .
අම්මටසිරි බුද්ධඝෝෂයා ..... කුමන්ත්රණකාරයා.... අපේ අටුවා ගිනිතියපු එකා ..... ඔත්තුකාරයා 😕🤔
ඔය වගේ මොනවහරි ඔලුවට ආවාද 😪 හරි පොඩ්ඩක් ඔහොම ඉන්න ඒ තරම් ලොකු චෝදනාවක් කරන්න තරම් අපිට හදිස්සි වෙන්න බෑ ඉතුරු ටික බලලම ඒක තීරණය කරමු .
බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේට අපේ ඉතිහාස කතාව ආමන්ත්රණය කරන්නෙ අටුවාචාරී කියලා . එතකොට ????
අපේ ඉතිහාසය වනසපු , අටුවාව කෙලෙසපු එකෙක්ටද අපේ උන් අටුවාචාරීන් කියන්නෙ😜🤭 එතකොට.
පිස්සුද මහත්තුරුනේ ??? මහාවිහාරයේ හිටපු මහාසංඝයා මේ ධර්ම විනයේ කෙල පැමිණියවුන් උන්වහන්සේලා බුද්ධඝෝෂ ඇවිත් අටුවාව වනසල ගිනිතියල යනකං සිවුරු කැහැපට ගහන් ගංජ ගැහුව කියලද ඔබ හිතන්නෙ . නෑ කොටින්ම කිව්වොත් අටුවාව ඉල්ලපුවාම වෙනම ධර්ම විනය දැනුම පරීක්ෂා කරලා ඒ වෙනුවෙන් බොහොම ගැඹුරු විභාගෙකටත් ඉන්දලා තමයි බුද්ධඝෝෂ අතට අට්ඨකථාව දෙන්නෙ .
ඈ මේ මලයකා මහාවංසය ගැන ලිය ලිය ඉඳලා කොහෙද යන අට්ඨ කතාවකුයි , බුද්ධඝෝෂ කෙනෙකුයි මේකට එබුවා නේද කියලා හිතුණද ???
කලබල වෙන්න එපා අපේ ඉතිහාසය සහ සාහිත්යය තුල සිදුවුණ බොහෝ සිදුවීම් තමයි ඔබ ද ප්රශ්නකරන බොහෝ ගැටලුවට මුල් හේතු අන්න ඒ නිසයි ගැටේ මුල ඉඳන් ලෙහල දෙන්න මම මේ උත්සාහ කරන්නෙ .
( යම් විදිහකින් මේ භාෂා රටාව ඔබට මතගැටුමකට හෝ විපිළිසර භාවයකට හේතුවෙනවා නම් තෙරුවනේ නාමයෙන් ඒ පිළිබඳ සමාව අයදිනවා නමුත් සම්භාව්ය වචන හරඹයකට වඩා සරලව සහ ඔබේ මතවාදයට සමීප වන්නට මේ බස්වහර පහුරක් වනු ඇතැයි මා විශ්වාස කරන්නෙමි. උපේක්ෂාවෙන් මේ අදහස් දරන්නට අයැද සිටින්නෙමි.)
ආ කොහොම කොහොම හරි බුද්ධඝෝෂ අටුවාව පාලියට නගනොකොට ඒ එක්කම අපේ මහතෙරුන් වහන්සේලා කිහිප නමකුත් ඒ එක්කම අටුවාව පාලියට නගනවා . ඊට දායක වුණ මහානාම කෙනෙකුන් ගැනත් ඉතිහාසයේ සඳහන් . මේ ලිපිය යම් තරමකින් දිග වැඩිවුණාදෝ කියලා හිතෙන නිසා මේ ලිපියම තවත් අනුකොටසක් විදිහට ඉතුරු කොටස ලියන්නම් . ඇයි ඇත්තටම මේ වංසකථා, අට්ඨකතා ආදිය පාලියට නැගුවෙ කියන එක . ඒ කියන්නෙ පස්වෙනි කොටසේ දෙවන ලිපියකුත් ඔබට කියවන්නම වෙනවා ඉතුරු කොටස දැන ගන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවනම් 🙏🙂
- කේශාන් අනුරාද් අධිකාරි
මහාවංශය බලද්දී බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළු කිහිපයකට විසඳුම් පෙන්වා දෙමි. බුද්ධ දේශනා තුළින්ම පෙන්වා දෙන නිසා සැකහැර නිරවුල් කරගන්න.
ReplyDeleteමිනිසුන් අතර තිබෙන මතයක් තමයි සිංහයෙකුට දාව මනුෂ්‍ය ස්ත‍්‍රියකට දරුවෙක් ලැබුණේ කෙසේද යන්න. මිළිඳු රාජ ප‍්‍රශ්නය කෘතියෙහි මව්කුස පිළිසිඳ ගැනීම ගැන ප‍්‍රශ්නය මැනවින් කියවන්න. ලිපිය දිග වැඩි වන නිසා මා අවශ්‍ය කරුණ පමණක් ගනිමු. සාම කුමාරයාත්, මණඩව්‍ය කුමාරයාත් මව්පිය එක්වීමකින් තොරව නාභිපරාමර්ශනයකින් උපත ලබන්නේය.
ඉසිසිංග තාපසයා සහ සංකිච්ච කුමාරයා උපත ලබන්නේ (ඉසිසිංග ජාතකය* මුවදෙනුන් දෙනෙක් සිය සෘතු කාලයෙහි තාපසයන් මූත‍්‍ර හෙළන තැනට ගොස් සම්භව නම් ශුක‍්‍ර ධාතුව සමඟ මූත‍්‍ර පානය කළහ. ඒ මූත‍්‍ර සහිත වූ සම්භවයෙන් සංකිච්ච කුමාරයාත්, ඉසිසිංග තාපසයාත් උපන්හ.
මෙයට මිළිඳු රජු පැවසුවේ ස්වාමීනී, එසේය. මව විසින් යම් කිසිවක් අනුභව කරන ලද්දේද, පානය කරන ලද්දේද, කන ලද්දේද, රස විඳින ලද්දේද, ඒ සියල්ලෙහි සාරය කලලයටද බසී. ඒ ස්ථානයට පැමිණ දියුණු වෙයි.
මෙය සැබෑම බුද්ධ දේශනාවකි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට කිසිවෙකුට අභියෝග කළ නොහැක. මේ නිසා සිංහයෙකුට දාව මිනිස් ස්ත‍්‍රියකට දරුවෙකු ලැබිය නොහැකිය යන්න කිසිවෙකුට හෝ කරුණු සහිතව පෙන්වා දිය නොහැකිය.
මීළඟ දැනගත යුතු වන්නේ සිංහයා තිරසනෙක් කියා තමාගේ ජාතියට නින්දා කරගැනීමයි. අපි දැනගන්න ඕනි ඒ සිංහ පරම්පරාව පමණක් නොවේ ශාක්‍ය පරම්පරාව මෙහි පැමිණි බව. විජය කුමරු ආරක්ෂා කළේ බුදුරජාණන් වහන්සේය. ඔබගේ චෝදනාව එවිට කැරකෙන්නේ බුදුරජාණන් වහන්සෙට බව මතක තබාගන්න.
අනුරුද්ධ, රෝහණ, රාම, උරුවේල, විජිත ආදී ශාක්‍ය කුමාර වරුත්, භද්දකච්චායනා කුමරියත් සුදොවුන් පරපුරේ බව අමතක නොකරන්න.
මීළඟට ඇති ගැටළුව තමයි විජය කුවේණි නම් යක්ෂණියක් සමඟ විවාහ දිවියක් ගතකළේ කෙසේද යන්නයි. මෙයට විසඳුම පාරාජිකා පාළියෙහි ඇත. එනම් පළමු පාරාජිකාවෙහි විනිශ්චිත වස්තු කොටසෙහි මෙවුම්දම් සේවනය නිසා පාරාජිකා වන අයුරු පැහැදිලි කරයි.
එහි සඳහන් වන්නේ අමනුෂ්‍ය වූ ස්ත‍්‍රියක් සමඟ හෝ මෙවුන්දම් සේවනය කරයි නම් පාරාජිකා වන්නේය යන්නයි. නොමිනිස් පිරිමියෙකු සමඟ වුවත් ඔහු පාරාජිකා වේ. එකල සිදු වු සිදුවීම් මුල්කරගනිමින් බුදුරජාණන් වහන්සේ විසින් මෙම ශිකෂාපද පනවන්නට යෙදුන සේක. මෙය බුද්ධ කාලයෙහි ප‍්‍රකටව තිබුණ දෙයක් බව මේ බුද්ධ දේශනා බලන කල්හී පැහැදිලි වේ.
මෙයද විනය පිටකය නම් වූ සැබෑම බුද්ධ දේශනාවක් බැවින් කිසිවෙකුටත් මෙය බැහැර කළ නොහැක.
එබැවින් තෙරුම් ගතයුත්තේ සිංහල යනු විජයගේ දරුවෝ නොවේ. කුවේණියට දාව උපන් දිපෙල්ලා සහ ජීවහත්ථ ගේ පරම්පරාව වැදිපරම්පරාව ලෙයසි මහා වංශයේ දැක්වෙන්නේ.
මේ නිසා ප‍්‍රබන්ධයක් වූ රාමායනයේ කරුණු ගෙනහැර දක්වමින් ජනප‍්‍රවාදයන් ද ඒකට මුසු කරමින් සිංහල අපගේ සැබෑ ඉතිහාසය විනාශ කිරීම සාහසික අපරාධයකි. අප තේරුම්ගත යුත්තේ රහතන් වහන්සේලාගේ පටන් සඟ පරපුර මේ නිරවුල් ඉතිහාසය රැුගෙන ආවේ ධර්මයට විනයට ගලපා බලමින් සත්‍ය වූ ඉතිහාසයක් ලෙසිනි. අප හරිහැටි දහම් දැනුමක් නොමැතිව අපට සිතෙන සිතෙන අයුරින් මේ ඉතිහාසයට හානි කිරීම සම්බුදු සසුනේ විනාශයට කෙරෙන විශාල හානියක් බව සැමට සිහිපත් කරන්නෙමි. මක් නිසාද යත් මේ වන විටත් සිංහලයන් දෙකට බෙදී අප රාවණගේ පිරිසයි, අප විජයගේ පිරසයි කියා විරසකව සිටින බවක්ද පෙනෙන්නට ඇත. මෙය මේ මොහොතේ ත‍්‍රස්තවාදීන්ට මහත් පිටුවහලකි. ඒ නිසා සියළු දෙනා සමඟි විය යුත්තේ මේ ඉතිහාසයත් ත‍්‍රිපිටකයත් සුරක්සිත කරමින්මය. එසේ නැති වුවහොත් රාවණගේ ජාතියේ අපි කියා කියාගන්න පිරිසක් සිටීවි. සම්බුදු සසුනක් නොතිබේවි.
මක් නිසාද යත් මේ වන විටත් සීගිරිය පවා ආලකමන්දාව යයි කියමින් කුවේර බලකොටුව යයි කියමින් දහම විකෘති කොට ඇත. ආලකමන්දාව ඇත්තේ චාතුම්මහාරාජික දෙව්ලොවේය. කුවේරද එහි අධිපති කෙනෙකි. යක්ෂ ගෝත‍්‍ර කතාවක් ගෙන ගිය දුර දැන් ඔබට පෙනෙනු ඇත. අන්තිමට ඕපපාතික උපතවත් පිළි නොගන්නා අන්ධබාල පෘථග්ජන පිරිසක් පමණක් බිහිවේවි. අපි ඉක්මනට මාර්ගඵල ලබමු යයි කියමින් විකාති ශාසනයක පිළිසරණ සොයන පිරිසක් බිහිවේවි. මින් මිදීම පිණියසි මේ කරුණු දැක් වූවේ.
ඔබ සැමට තෙරුවන් සරණයි!