Saturday, May 2, 2020

දීපවංශය -පැරණිතම වංශකතාව

දීපවංශය යනු මෙරට ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති පැරණිතම වංශකතාවයි.මහසෙන් රජුගේ රාජ්‍ය කාලය දක්වා සිදුවීම් පෙළගස්වා ඇති දීපවංශය කතුවරුන් කිහිපදෙනෙක් අතින් රචනා වන්නට ඇතැයි විද්වත්හු විශ්වාස කරති.භික්ෂුණි ශාසනය පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයකින් නොලැබෙන තොරතුරු සමුදායක් දීපවංශය මගින් ලැබෙන බැවින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේද භික්ෂුණින්වහන්සේ කිහිප නමක් විසින් බවට ද මතයක් පවතියි.පසුකාලීනව ලියැවුණු මහාවංශය තරම් සංවිධානාත්මක බවින් අඩු වුවද දීපවංශය මෙරට ඉතිහාසය හදාරන්නෙකුට මග හැ‍රිය නොහැකි මූලාශ්‍රයකි.ධාතුසේන රජු විසින් දීපවංසය සජ්ඣායනය කිරීමට නියෝග කළ බවක් මහාවංශය තුළ සඳහන් වේ.දීපවංශය මෙරට ඉතිහාසකරණ සම්ප්‍රදායයේ කල්පැවැත්මේ තවත් එක් සාක්ෂියකි.


2 comments:

ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.