යම් පරිසර පද්ධතියක් සොබාදහම තුළ පවතින්නේ එයට අනන්‍යවූ සාධකයන් ගෙන් සමන්විතය. ජල සම්පත ගොවිතැනට අවශ්‍ය බීජ ඖෂධ වැනි ස්වභාවික සම්පත් ගොඩනැගෙන්නේ මේ පරිසර පද්ධතියට සාපේක්ෂකවය. එසේම මිනිස් පරිහරණය සිදු වීමෙන් පසුව වාරිමාර්ග හා වැව් ඉඳිකිරිම් ආදියද එම පද්ධතියට එකතු වේ. මේ එකතු වීම් වඩා සාධාරණව සිද්ධවීමට නම් එම පරිසර පද්ධතිය පිළිබඳව දැනුම මිනිස් ප්‍රජාවට තිබිය යුතුය. පරම්පරාවෙන් පරම්පරාවට පැවත පැමිණ තිබෙන්නේ මේ දැනුම සම්භාරය යයි සිතමි. මේ දැනුම අභාවයට යාම සහ නොසලකා හැරීම තුළින් පරිසර පද්ධතියට අලුතින් එකතු කෙරෙන දේ ප්‍රතික්ෂේප . එසේම එකතු කරනදේ වඩා ප්‍රබල නම් පරිසර පද්ධතිය අර්බුදයට පත් වේ.පසුගිය සියවසක කාලය තුළදී පාරම්පරික දැනුම ක්‍රමයෙන් යටපත්වෙමින් පැවතුණි.එය ගැටළුවක් ලෙසට ඉදිරියට පැමිණ ඇත්තේ නූතන සංවර්ධන ව්‍යාපෘති වලින් ලැබෙන ප්‍රතිඵල විනාශකාරී මට්ටමකට පැමිණ තිබෙන බැවිනිග
දේශීය ගොවිතැන නොහොත් සිංහල ගොවිතැන පිළිබඳ පාරම්පරික දැනුම සහ භාවිතය මෙලෙස වර්ග කළ හැකිය.
1-සොබාදහම වටහා ගැනීම
2-ජලය සහ තෙතමනය
3- සාමූහික බැඳීම
4- අත් හැරීම
5- සංස්කෘතික පරිසරය
6- බීජ සංරක්ෂණය
7- කෙම්පහන්
8 - ජ්‍යෙතිෂය
9 -නිවරදි පරිභෝජනය.
No comments:
Post a Comment
ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.