Tuesday, July 7, 2020

සිංහබාහු -චිත්‍ර කතාව (බන්දුල හරිශ්චන්ද්‍ර )


ඩවුන්ලෝඩ්

 සිංහලයේ සිංහයා සහ සිංහබාහු, සිංහ සීවලී ගැන

බොහෝ ආසියානු අප්‍රිකානු ජනවර්ග සිව්පාවුන්ගෙන් පැවත එනබව කියනවා. ඇතැමුන් ගිජු ලිහිණියා වැනි පක්ෂියකුගෙන් පැවත එන බව කියනවා. ඇතම් විට ගස් කොළන්වලින් පැවත එන බවටත් ප්‍රවාද නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒ ජනවර්ගය හෝ ජාතිය අනෙක් ජාතීන්ගෙන් වෙන්වෙලා තමන්ගේ අනන්‍යතාවය පෙන්වන එකක් මෙතැන තියෙන්නේ. සිංහල ජාතිය සිංහයාට දාව ඉපදුනා කියන එකේ තේරුම වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැයි කියන එක. සිංහල ජාතියේ අනන්‍යතාව ඇතිකරන්න කියලා දැන් මනුෂ්‍යය පියකුට දාව සිංහබාහු හා සිංහසීවලී ඉපදුණා කිව්වොත් සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි මුත්තා කව්ද? ඒයාගේ පියා කව්ද? ඒ පියාගේ පියා කව්ද ? මේක කෙළවරක් නැතුව එහෙම ඈතට ඈතට යනවා. ඒ නිසා තමයි සතෙක්ගෙන් සිංහල ජාතියේ ආරම්භය පටන් ගත්තේ. ඒකෙන් පේනවා සිංහල ජාතිය වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක ඊළගට සිංහබාහු තම සහෝදරිය වූ සිංහ සීවලී එක්ක එකතුවෙන එකත් කාටහරි කියන්න පුළුවන් නරක වැඩක් කියලා. බටහිර වෛද්‍ය විද්‍යාව එක්ක බැලුවත් හොද නැහැ කියලා. ඒ මොන කතන්දර කිව්වත් ආයෙත් සැරයක් එකෙන් කියන්නෙත් වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක. මේක මේ ජාතියක අනන්‍යතාවයක් පිළිබඳ හදපු කතන්දරයක්. .- ආචාර්ය නලින් ද සිල්වා.


No comments:

Post a Comment

ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.